Posts

හාමුදුරුවනේ

හාමුදුරුවනේ  මතු ආත්මෙකදී බුදුවෙන්නද මේ  පාරමී පුරන්නේ  බුද්ධ ධම්ම ගුණ බලයෙන්  දිවිය පුරා සසර පුරා සැරිසරණ තුරා  නිරෝගී සුවය අත්වේවා! වියත් බසින් ඇති මහා දහම් පොත්  නිරතුරුවම සිහි නුවණින් කියවා  බුදුන් දෙසූ ඒ නිමල දහම් කඳ  සරල සුමට බස් වහරින් සරසා  ගැඹුරු දම් අරුත් තේරුම්කර දෙවනා  දහම් සිසිලසෙන් හදවත් සනසවනා. සෝ සංතාපේ හේතු ඉවත ලා  බුද්ධ භාවනා දින දින වඩවා  සීල සමාධී ප්‍රඥා බලයෙන්  කෙලෙස් මාරයන් හාමත් කරවා  දහම් අමා රස ඉස්මතු කර දෙවනා  හාස්කමක්මැයි ඒ අනුශාසනා.

අනුකම්පන සහකම්පන

ඉරානේ මිනිසුනේ  මොකද උඹලට මේ වුණේ  අනේ දෙවිවරුනේ  සාපෙකින්වත් එවුනාද මේ හෙනේ ධරණි මෑණියනේ  ඇයිද වියරූ වුණේ  කිමද හෙලවුණේ  උමතු ලෙසිනේ  අහිමි වීලා  මා පිය සෙනේ  නෑ පිරිස් යහලුවන් මියැදී  දරුවන්ද සමගින්නේ  පණ බිඳක්වත් තියේ නම්  කරුවලේ ඝන හීතලේ  දූවිලි කැරලි ගොන්නේ  නිදාගන්නින්  හිස් බඩින්  හෙට  අවදිවෙන්නට පණපිටින්. වැලපෙන සිතින් මතුවෙන  සිතුවිලි දිගේ  සයුරු යටින් කඳුලෙන්  වා රැල්  දිගේ සුසුමෙන්  එවන්නම් මං යහමින්  හයිය හත්තිය. නොමැරී සිටින්නට  තවත් එක  දවසක්වත්. (ඉරානයේ භූමි කම්පාවකින් මිය ගිය ගණන 40000 දක්වා වැඩිවීමට ඉඩ ඇති බව අසා මා සිත සසල වුනා. තවමත් ජීවත් වෙමින් සිටි අයගේ සෝ දුක් නිවාලන්නට ශාරීරික වේදනා අවම කරගන්නට මගේ සිතුවිලි ධාරා ශක්තියක් වේවා යයි සිතමින් තමයි මෙය ලීවේ. මෙය මගේ අතින් ලියවී ඇත්තේ 28/12/2003.)

ගායකයාණෙනි

ප්‍රතිභා ශක්ති ප්‍රභා විහිදා  මන්ද්‍ර මධ්‍ය  හා තාර සප්තකේ සහවාසෙන්  සංවාදී අනුවාදී ස්වර ඇසුරෙන්  කර්ණ රසායන ධ්වනියෙන්  උත්තර භාරත සංගීත රසේ උපදන්නේ  ශ්‍රාවක රසභා පුබුදුකරන්නේ  සංගීත වේදයේ පරිනිත වූ  ගායකයාණෙනි  ඔබ දෙවියකු වේ මේ මිනිසුන් අතරේ. වේග රිද්ම බොල් ගොස මතුවෙද්දී  විදුලි සරින් ගොර හඬ නැංවෙද්දී  බොළඳ ලෙසින් තැන තැන ගැහෙනා  මනුස් පිරිස් සංවර කරවා  ගායකයාණෙනි  ගයන්න ගැඹුරින් රාගධාරි ගීයක්. පොලෝ තලේ මත එලූ කලාලෙක  හීන් සැරේ - සංයමයෙන් හිඳ  මිහිරි හඬින් මතුවෙන වෙන නද මත  කරවා හඬ තුලනය නිසිසේ  ගායකයාණෙනි  ගයන්න යහමින් රාගධාරි ගීයක්.

අනේ අපි

ජීවිත ඔපලා පුබුදා ලන්නට හිරු පායා සැඩ රැස් විහිදද්දී  හිරුට සාප කරනා ඒ මනු සිත්  උදේ දිවා රෑ වැහිම යදී. ගේ දොර වනසා ජීවිත බිලිගෙන වැහි දිය මුහුදට ගලා බසිද්දී සාපය වැහි දෙසටම හරවාගෙන  හිරු කිරණක් දෙස බලා හිඳී.   ධන සම්පත් නැතිවී ගිය දාටයි    තියෙනා දේවල අගය දැනෙන්නේ   පුංචි පුංචි ලෙඩ හැදෙනාවිටදියි  නිරෝගි සුවයේ තරම දැනෙන්නේ.

දමනය

සමිඳුනේ බුදු සමිඳුනේ  ශ්‍රාවකයෙක්මි මම  ඔබවහන්සේගේ.  සනහාලනු මැනවි  වියවුල්ව ඇති මා සිත්. ආලවක වන්  අපගේම සොහොයුරන්  මෙසිරිලක රජකරයි  පාතාල නම්  පුරවරයක. පොලු මුගුරු නොව  කඩු  කිනිසි නොව විෂ බෙහෙත් ලූ  නපුරු ගිනි අවි රැගෙන  සරයි දිව රෑ  මරා දමමින්  මිනිසුන් ගැහැණුන් හා ළමුන්  මිළ මුදල් ඈ ධනය උදෙසා  කොතෙක් තිබුවද  සතුට නොමදෙන  අසීමිත වූ බලය උදෙසා . මුදවා දෙනු මැනව ඔවුන්  පාපකාරී ජීවිතෙන්. කෙරුමට ඒ හපන්කම  පුරිස ධම්ම සාරතී ගුණ හෙබි  සමිඳුනේ ඔබ මිසක නැත අන් අයෙක් කිසි. 

එපා එපා එපා

1. ටෙලි නාට්‍යවල පෙම්වතුන් කෝච්චි පාරේ අත් බැඳගෙන ඇවිද යන හැටි කෙතරම් සුන්දර වුනත් - කොච්චි පාරේ හුදකලාව ඉඳගෙන සිටින තරුණයකුගේ හෝ තරුණියකගේ පින්තූරයක් කෙතරම් ලස්සන වුනත් - ඔබ නම් කිසි දිනක කෝච්චි පාරේ ඇවිදගෙන යන්න එපා. ඉඳගෙන ඉන්න එපා. එය ඔබේ ජීවිතයට අවදානමක්. 2. ගමේ හෝ රටේ හෝ වෙනත් තැනකදී හෝ සිදුවෙන වරදකට එරෙහිව, දූෂණයකට එරෙහිව, බලධාරීන්ට එරෙහිව, පාලකයන්ට එරෙහිව සටන් කිරීමේදී, උද්ඝෝෂණ කිරීමේදී, මාර්ග අවහිර කිරීමේදී තාර දා ලා  හදපු - එහෙමත් නැත්නම් කාපට් කරලා හදපු - පාරවල්  මැද  ගිනිගොඩවල්  ගහල දෙනෝ දාහක් පාවිච්චිකරන ඒ පාරවල්  විනාශ කරන්න එපා. එය සමාජ විරෝධී ක්‍රියාවක්. දේශ ද්‍රෝහිකමක්. 3. මහා මාර්ගය  මත,  මහා මාර්ගයේ ඇති මං සලකුණු මත  හෝ  නාම පුවරු මත  හෝ  චිත්‍ර, බහුබූත රූප, ඡන්ද ලකුණු, මනාප අංක අඳින්න හෝ කඩදාසි අලවන්න හෝ එපා. එය සමාජ විරෝධීයි. 4. ඔබේ ම  ඉඩමක හෝ  ඔබේ  ගමේ හෝ ගොවිපොලක හෝ බැම්මක් නැතිව අනාරක්ෂිතව ලිඳක් තිබේ නම් එය එසේ තිබීමට ඉඩ හරින්න එපා. මුදල්   සම්මාදන් කරලා හරි,  ...

දාහතර

දාහතර පුංචි සන්දියේ මං කෑගහල අඬනකොට හරහාට වඩාගෙන මගෙ පුංචි ලොඹු කටට ඇගේ තන පුඩුව දී මගේ හිත පිරෙන තුරු මගේ බඩ පිරෙන තුරු තනේ කිරි හිඳෙන තුරු සතර බඹ විහරණේ කිරිකරල මට පොවපු මගෙ අම්ම නැවැත්තුව මහරගම රෝහලේ දාහතරෙ වාට්ටුවෙ. කරපු නැති වරදකට දඬුවමක් දීල වගෙ කිරි දුන්න තන දෙකෙන් එක තනක් කපන්නයි කට්ටියම ලෑස්තිය. (චන්ද්‍රවංශ මුවන්වැල්ල)

මේ සත්‍යයයි.

ඉසුරු අහිමිදා  නෑදෑයන් අතරේ - හිඳිනු එපා  සුළුඹුලු හැඳගෙන තණපිටි මත්තේ  වග වලසුන් මැද ගස්  ගල් සෙවනේ  හිඳිනු සැපා. සෑම තැනා ඇත නපුරු දනා  නසන්ට බෑ ඒ සියලු දෙනා  දුරලා කොද සිත් - වැඩලා මෙත් සිත්  වසනා අය වෙත් නිති දිනනා  නැසුවා වාගෙයි පවිටු දනා. නිල මහනෙල් මල් පිපි දිලෙනා  පොකුණේ වෙසෙනා මැඩි සේනා  නොදනිති සුවඳක් - නොවිඳිති මිහිරක්  විසුවත් සුදනුන් හා එකසේ  දුදනෝ නොදනිති සුදන ගුණා. (ප්‍රත්‍ය ශතකයේ ශ්ලෝකයක් ඇසුරෙන් නිර්මාණය කළෙමි.)

අබිනික්මන

සුදු - ඔසරියේ රැඳුණු සැවන්දර සුවඳට  මෝරන්න දෙන්න හඳ මෝරන තුරු පෝයට  තව ටික දොහකින් එනවා පසළොස්වක  හදිස්සි ඇයි සිල් ගන්නට පුර අටවක  පිනිබිඳු තැවරුණ සමන් පිච්ච මල් නෙළුවේ වට්ටියකට  බවුන් වඩන්නද බුදු හිමි අබියස වෙන්වී ටික කලකට  හිමිදිරි යාමේ එළිපත්තෙන් බැස ගෙදරින් ඔබ යනකොට  මහා පාලුවක් එබුණයි හිත ඇතුලට  අද- නොරොක් වෙලානම් ඔබ සමගින් ඔබ සිත  කොහොමද ඉඳගෙන ඉන්නේ බණ මඩුවක  සිහිල තියේ මට ඔබ හිඳිනා මානෙක  නොයන්න සොඳුරිය මා හා වී විරසක

දැලි ගෑවෙයි මූණේ

වලව්ව අස්පස් කරලා   තුන් වේලට බත් උයලා  මැණිකෙගෙ කසාය හදලා  නාන්ඩ ඇල් දිය මරලා  කොච්චර කෙරුවත් ඉවරයකුත් නෑ මට  වලව්වෙ වැඩපල කරලා    ලොකු මැණිකේ ලෙඩ ගානේ හිටියත්  මැණිකෙට තියනව ඇස් හතරක්  කිටිකිටියේ හිසකේ පීරාගෙන  සීන් සිනිඳුවට රැවුලත් බාගෙන අත්කොට කමිසය බාගෙට ඇඳගෙන  ලැම මස් පිඩු ඉදිරියට නෙරවගෙන  රන් දම්වැල පපු මැද පෙන්වාගෙන  පැතලි උදර පසුපසට යවාගෙන  උණ ගොබයක් සේ කොන්ද හදාගෙන  විලුඹ ගසා පා බිම තද කරමින  නිකට උස්සලා ඈත බලාගෙන  හැපෙන සුළං රැළි සුවඳ කරාගෙන  පොඩි නිලමේ බෑරක්ද වඩින්නේ  යනව හොඳයි අය ආපු වෙලාවක අරම බලන්නට එපා මයෙ  දිහා නිලමෙල මැණිකෙල එහෙ මෙහෙ වෙනකොට  එන්ඩ එපා මං අවුස්සවන්නට  වලං හෝදලා මගේ අතේ දැලි      ගෑවෙයි පොඩි නිලමෙගෙ මූණේ  පොඩි නිලමෙගෙ විතරක්ම නෙවෙයි  ලොකු නිලමෙගෙ මූණෙත් ගෑවෙයි.