අබිනික්මන


සුදු - ඔසරියේ රැඳුණු සැවන්දර සුවඳට 
මෝරන්න දෙන්න හඳ මෝරන තුරු පෝයට 
තව ටික දොහකින් එනවා පසළොස්වක 
හදිස්සි ඇයි සිල් ගන්නට පුර අටවක 

පිනිබිඳු තැවරුණ සමන් පිච්ච මල් නෙළුවේ වට්ටියකට 
බවුන් වඩන්නද බුදු හිමි අබියස වෙන්වී ටික කලකට 
හිමිදිරි යාමේ එළිපත්තෙන් බැස ගෙදරින් ඔබ යනකොට 
මහා පාලුවක් එබුණයි හිත ඇතුලට 

අද- නොරොක් වෙලානම් ඔබ සමගින් ඔබ සිත 
කොහොමද ඉඳගෙන ඉන්නේ බණ මඩුවක 
සිහිල තියේ මට ඔබ හිඳිනා මානෙක 
නොයන්න සොඳුරිය මා හා වී විරසක

Comments

Popular posts from this blog

අනේ මොකටද තවත් වයස්ගත වෙන්නෙ මං

සත්ව කරුණාව

ලේන් පැටියෙක්