දූ කුමරී
රන් කිරි කට ගානා විටදී තොදොල් වෙවී බහ තෝරද්දී හබුන් කටයි බත් කට කද්දී මා සිටියේ නෑ නුඹ ගාවා මුනින් අතට නුඹ පෙරලෙද්දී බඩගා දණගාමින් යද්දී සිඟිති දෙපා පොඩි ඔසවද්දී මා සිටියේ නෑ නුඹ ගාවා දවසක ලොකු ළමයකු වෙද්දී රඟහල කෙළිබිම ජය ගද්දී කෝඩු ලෙසින් සරසවි යද්දී මා සිටියේ නෑ නුඹ ගාවා දුකත් සැපත් එකසේ විඳගන්නට මියෙනතුරාවට එක්ව සිටින්නට මගෙ පුතුගේ මනමාලිය වන්නට ආ හැටි පුදුමයි දූ කුමරී පෝරුව මත ඔබ මා පුතු සමගින් හිටගෙන සිටිනා අයුරු බලන් හිනාවෙලා මට සඟවන්නට බෑ සිත් සන්තෝසේ දෝරෙ ගලාලා වෑහෙන සීතල කඳුලූ