මේ සත්‍යයයි.


ඉසුරු අහිමිදා 
නෑදෑයන් අතරේ - හිඳිනු එපා 
සුළුඹුලු හැඳගෙන තණපිටි මත්තේ 
වග වලසුන් මැද ගස්  ගල් සෙවනේ 
හිඳිනු සැපා.

සෑම තැනා ඇත නපුරු දනා 
නසන්ට බෑ ඒ සියලු දෙනා 
දුරලා කොද සිත් - වැඩලා මෙත් සිත් 
වසනා අය වෙත් නිති දිනනා 
නැසුවා වාගෙයි පවිටු දනා.

නිල මහනෙල් මල් පිපි දිලෙනා 
පොකුණේ වෙසෙනා මැඩි සේනා 
නොදනිති සුවඳක් - නොවිඳිති මිහිරක් 
විසුවත් සුදනුන් හා එකසේ 
දුදනෝ නොදනිති සුදන ගුණා.

(ප්‍රත්‍ය ශතකයේ ශ්ලෝකයක් ඇසුරෙන් නිර්මාණය කළෙමි.)

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි