මේ සත්‍යයයි.


ඉසුරු අහිමිදා 
නෑදෑයන් අතරේ - හිඳිනු එපා 
සුළුඹුලු හැඳගෙන තණපිටි මත්තේ 
වග වලසුන් මැද ගස්  ගල් සෙවනේ 
හිඳිනු සැපා.

සෑම තැනා ඇත නපුරු දනා 
නසන්ට බෑ ඒ සියලු දෙනා 
දුරලා කොද සිත් - වැඩලා මෙත් සිත් 
වසනා අය වෙත් නිති දිනනා 
නැසුවා වාගෙයි පවිටු දනා.

නිල මහනෙල් මල් පිපි දිලෙනා 
පොකුණේ වෙසෙනා මැඩි සේනා 
නොදනිති සුවඳක් - නොවිඳිති මිහිරක් 
විසුවත් සුදනුන් හා එකසේ 
දුදනෝ නොදනිති සුදන ගුණා.

(ප්‍රත්‍ය ශතකයේ ශ්ලෝකයක් ඇසුරෙන් නිර්මාණය කළෙමි.)

Comments

Popular posts from this blog

සත්ව කරුණාව

අනේ මොකටද තවත් වයස්ගත වෙන්නෙ මං

සොබා දම් නීතිය