Posts

Showing posts from July, 2017

පිංකම්

මළමිණිය වල දමා   ගෙදර ආවට පස්සෙ   ප්‍රියයන්ගෙ වෙන්වීම   දුකක් බව වටහගෙන   දුක බෙදා ගත්ත සේ   බත් බෙදාගෙන කන්ට   ඉදෙනවා මළ බතක් . අපේ චාරිත්රයක්   දානමය පිංකමක්   කොහොමටත් හොඳ වැඩක් .  හරියටම - හරියටම හත් දවස පිරෙනකොට   නෑයන්   නොනෑයන්ගෙ   සහ අසල්වැසියන්ගෙ   පොඩි පහේ එකතුවක් . තුන් මාසේ ගෙවෙනකොට   ( හරියටම දවසටම   නැතත් ඔහෙ   කමක් නෑ ) නෑ නොනෑ අසල්වැසි යහලු යෙහෙළියන් හා   තවත් එක පාටියක් .  අවුරුද්ද ගෙවෙද්දී   සති අන්තයක් බලල   පහසු දිනයක් බලල   අවුරුද්දෙ දානේ දා   අල්ලාප සල්ලාප   කෙළි කවට සිනා මුසු   විහිලු තහලුවෙන් පිරි   ලොකු රංග සබාවක් . හාමුදුරුවන් අතට   යවන කරදාසියේ   ලියා ඇති ඔහුගෙ නම ජීවිතේ තියෙද්දී   දරූ තනතුරු එහෙම . දානානිසංස හා   භුක්තානුමොදනා   වදාරද්දී තමයි   මතක්වෙන්නේ ටිකක්   ප්‍රාණකරු ගැන යමක්   එහෙම මතකය වුණත්   අවදිවන්නේ යළිත්   අනුසාසනා වෙතට සවන් දී සිටියොතින් .  ඊට පස්සේ ඉතින්   " එව

පිට්ටනිය හිස්වෙලා

ඉස්කෝල නිවාඩුව  එනකල්ම බලාහිඳ  හැමදාම - හැමදාම  ඉර එලිය වැටෙද්දී  පිට්ටනිය වෙත දුවපු  විකට් කණු අටෝගෙන  සොෆ්ට් බෝල් මැච් ගහපු  ගල් ගඩොල් කැට තියල  ගෝල් මායිම් හදල   ෆුට් බෝල් මැච් ගහපු යාලුවෝ එකෙක්වත්  හොයාගන්නට නැත්තෙ  රැකී රස්සාවලට  ගිහිල්ලා විසිරිලා  ඔක්කෝම නිසිකලට  විවාපත් වෙලා ඇති  උන් හෑම එකෙකුටම  ළමයි  බිහිවෙලා ඇති. දුවන්නට පනින්නට  වැටෙන්නට පුරුදු නැති  දනිස්සක සීරුමක්  හෙම්බිරිස්සා උණක්   විඳින්නට පුරුදු නැති  කවම කවදාකවත්  අව්වකට වැස්සකට  නිරාවරණය නොවෙන  රන් පාට සිරුරු ඇති  ෆේස් බුක් කප්පිත්තො  ඉන්ටනෙට් සූරයෝ  තනි තනිව ගෙවල්වල  සෙල්ලමේ නිරත ඇති   අනේ වාසනාවන්  නිරෝගී ළමයි ටික  (චන්ද්‍රවංශ මුවන්වැල්ල)