Posts

Showing posts from December, 2017

පෙම් කරන්න ආසාවෙන් හිටියා

ප්‍රේමවන්තයකු හමුවුන දවසක  සීතල සඳ එළියේ එළිමහනේ  අත්වැල් බැඳගෙන පෙම් බස් දොඩමින්  ඇවිදින්නට ආසාවෙන් හිටියා යෙහෙළියන්ගෙ ඉරිසියාව අවුලා  පෙම් කරන්න ආසාවෙන් හිටියා  සඳ තරු බැබලුණ අහස තලය යට  නෙතු දල්වාගෙන බලා සිටියදී  අහසත් පොළවත් ගිනියම් කරගෙන  ඝන සුළං සමග  කලු වලා රැගෙන  අහසේ හෙන හඬ විදුලි එළි දිගේ  නන්නාඳුනනා යකු ආවා  නා කපනා වැහි වැටෙන ඇහිල්ලේ  කළුවර කුටියක මා හිරකරගෙන  යකුගේ ගොරහැඩි අත්  පා යුගලය  ඩා  බිඳු රූරන දුඟද හමන ගත  හිත නැති මා ගත ජය ගෙන එඩියෙන්  යක්ෂ ලෝකයට පලා ගියා. යෙහෙළියනේ මගේ මුහුණ හොවන්නට  නුඹලගෙ උරහිස් පමණයි ඇත්තේ  පව් සෝදාගෙන හිනාවෙලා මට  ජීවත්වෙන්නට ඉඩ දීපල්ලා.

ගං ඉවුර සිට බලනු මැනවි

සබඳ  ගං ඉවුර සිට  බලනු මැනවි නොබියව නොපැකිලව  පළමුව මා දෙස  දෙවනුව ගඟ දෙස. පෙනේද මා  පාවෙන හැටි පීනන හැටි  ග්ලග් ග්ලග් ග්ලග්  ගිලෙන හැටි  කිමිදෙන හැටි  යලි මතුවෙන හැටි. පෙනේද දිය බුබුලු  පෙනෙන දුර මෑතින්  නොපෙනෙන දුර ඈතින්  එදත්  මතුවූ  අදත් මතුවෙන  මේ පුංචි දිය බුබුලු  ගං ඉවුර සිට අතක් පෙව්වත් පයක් එබුවත්  ගං කුස තුලට  ඇදගන්නා තරම් බියකරු මේ පුංචි දිය බුබුලු මා සමග ආවෝ  අතරමග ගිලෙද්දී  ගල්පරවල හැපෙද්දී  රුක් දෙබුක්වල හිරවෙද්දී  තවමත් මේ ගඟෙහි කෙළිමින්  මෙතරම් දුරක් තරණය කළ මා  ජගතෙකු නොවෙද  සැබැවින්ම