Posts

Showing posts from January, 2022

සැසඳීම

අරහෙන් මෙහෙන් කවි පද ගැට     ගහනකොට   මම කිවිඳියෙකු ලෙස සිතුවෙමි         හැබෑවට   මිල කළ නොහැකි කවි පෙළහර     දකිනකොට   හිරු දුටු කදෝ පැණියකු ලෙස හැඟුණි       මට  

ලේන් පැටියෙක්

  කුලී වැඩ කරන  ගමේ යහපත් නැන්දට   දැන් බබාලා හයදෙනෙක්. ඇස්වහක් කටවහක් නෑ  පැටව්  ටික වාමන රුප වගේ  අපූරුවට කොටට මහතට  කොළඹ   දොස්තර පොඩි අයියගෙ දොස්තර දුවට  අඩුමාසෙන් බබෙක්  ලේන් පැටියෙක් වගේ  හීනියි කෙටියි පුංචියි.

රණමල් එතනා

 ඉපලෝගම පොල් අතු ඉස්කෝලේ  අටේ පන්තියේ මාත් එක්ක හිටි  පුංචි කුමාරී  රණමල් එතනා ගමට ඇවිල්ලා.  විවිධ ප්‍රසන්ගෙට කළගෙඩි සෙල්ලම නැටුව සන්දියේ  කලුම කලුයි උඹ. අදහන්නත් බෑ    අවුරුදු දෙකකට  කොහොමද ඔච්චර පාට උණේ?  විභාගෙ ප්‍රතිපල ආවට පස්සේ  ආයෙත් වගියක් පිටමං වෙනවද?  නෑදෑයෝ සනුහරේ බලන්නට  මේ ටික දොහේදි ගම ඇවිදිනවද?  මං අද අහගෙන  ඉන්ගිරීසියේ වචනත් දාලා  සුරුස් ගාල උඹ කතා කරනවා  මට හරි ආසයි  ආඩම්බරකම ඉහවහා ගියා. කඳුළු කැටයකුත් ඇහැට උනනවා.  

දරු පෙම

 බබුට බයේ දුවනා  ගල් අරඹේ සිටිනා  ඇතින්න ගැන කියනා  දරු නැලවිලි ගැයුණා  වරම් නැතත් පුදකරන්නට පිරිමියෙකුට හද  අනුන්ගෙ දරුවකු තනමින් සැනසෙනවද අද  නුඹට අහිමි දරු පෙම ගැන ගී ගයනා සන්දියේ  මව් සෙනෙහස පුදනු බැරිව කිරි එරුණද නංගියේ