දමනය

සමිඳුනේ බුදු සමිඳුනේ 
ශ්‍රාවකයෙක්මි මම 
ඔබවහන්සේගේ. 
සනහාලනු මැනවි 
වියවුල්ව ඇති මා සිත්.

ආලවක වන් 
අපගේම සොහොයුරන් 
මෙසිරිලක රජකරයි 
පාතාල නම් 
පුරවරයක.

පොලු මුගුරු නොව 
කඩු  කිනිසි නොව
විෂ බෙහෙත් ලූ 
නපුරු ගිනි අවි රැගෙන 
සරයි දිව රෑ 
මරා දමමින් 
මිනිසුන් ගැහැණුන් හා ළමුන් 
මිළ මුදල් ඈ ධනය උදෙසා 
කොතෙක් තිබුවද 
සතුට නොමදෙන 
අසීමිත වූ බලය උදෙසා .

මුදවා දෙනු මැනව ඔවුන් 
පාපකාරී ජීවිතෙන්.

කෙරුමට ඒ හපන්කම 
පුරිස ධම්ම සාරතී ගුණ හෙබි 
සමිඳුනේ ඔබ මිසක
නැත අන් අයෙක් කිසි. 

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි