Posts

Showing posts from November, 2017

සිඟිති දුවේ

මල් පෙති සේමා - සියුමැලි උවන ඔබේ  නිල්මිණි සේමා-  දිලිසෙන නයන යුගේ සුරඟන රඟනා - සුන්දර සිහින ලොවේ  රන්කිරි කට ගා- සරන්න සිඟිති දුවේ 

ලස්සණ හැන්දෑව

එකමත් එක දවසක් දා  ඔන්න අපේ ඉර මාමා  දවස තිස්සෙ වැඩ කරලා  මහන්සියක් දැනුණ  නිසා  මූණ ටිකක් හෝදගන්න  මූදට බැස්සා. මූදට පය ගහපු ගමන්  සීතල වැඩි යයි කියලා  උඩ පැනලා දඟලනකොට ඉර මාමගෙ  ඇඟේ තිබුණ  පාට දියවුණා. එකටවෙලා තිබුණ පාට  හතම දියවුණා.  මූද පුරා පාට පාට  පාට ජාති ඉහිරෙනකොට  ඉර මාමට පෙරවගන්න  අහස තලේ විසිර තිබුණු  සිහින් සිනිඳු වලා ටිකෙත්  පාට ගෑවුණා. පාට වලාකුළු අහසේ  හෙමින් හෙමින් පාවෙනකොට  ඉර මාමගෙ  ඉහට උඩින්  චිත්‍ර මතුවුණා. ඉර මාමයි මහ මුහුදයි  කහ රතු දම් වලාකුළුයි  කතාවෙලා කළා වගේ  අහස තලේ ඇඳුණු චිත්‍ර  හරිම ලස්සනයි. ලහි ලහියේ ගෙවල් බලා  පියඹා යන කුරුළු රෑන්  බලමින් සිටි පුංචි ළමයි  පාට වලාකුළු දැකලා  උඩ පැනලා කෑගහලා  සතුටක් වින්දා. උදේ පිපෙන මල් වාගේ  පුංචි ළමයි හිනැහෙනකොට  හිනැහි හිනැහි දඟලනකොට  ඉර මාමට හරි ආසයි  ඊට පස්සෙ හැමදාමත්  ළමයින් සතුටින් තියන්න  ඉර  මාමට  ඕනැ වුණා. එදා ඉඳන් අද වෙනකල්  හැම දවසෙම හැන්දෑවට  ඉර මාමා අහස තලේ  චිත්‍ර අඳිනවා. පාට පාට හරි ලස්සණ  චිත්‍ර අඳිනවා. එක මොහොතින් වෙනස් වෙනස්  චිත්‍ර අඳිනවා. චිත්

නොකෙරෙන දීගේ

වාන කැඩෙනකන් වැහැලා වෙල් යායම මූද වගෙයි  රෑණ ගිරව් ලේන පැටව් පේන දුරක නැති ගානයි  හීන දිගේවත් එනකල් දින ගැන්නා ගාන වැඩියි  ජානවලින් උරුම වෙච්ච නපුරුකමට හිත පෑරෙයි  මාන බලන් මං හිටියට වෙනකල් නොකෙරෙන දීගේ  පාන පෙමින් මුකුලිත නෑ මුකුළු සිනාවක් ඈගේ  පීන පීන ඉන්න වුණා තනියම පෙම් ලොව මාගේ  තාන  තනම් කවි ලියපං ගජමන් නෝනා වාගේ 

මෑණියන්

සම හැකිලිලා ගත වැහැරිලා  සහකරුත් පරලොව ගිහින් - යුග ජීවිතේ ඇත ගිලිහිලා ඒ වුණත් කම්පා නොවී  නොනැවතී වැඩ මත්තෙ නැහෙනා  අම්මෙ නුඹ මැසිමක් වගෙයි  කළුගලෙන්  යකඩෙන් තැනූ  නීතියේ අයිතිය බලන්   මහ ගෙදර ලැග සිටිනවුන්  ඉන්ට හැරියේ නෑ බිඳක්වත්  නිවී හැනහිල්ලේ ඉතින්  උන්ගෙ බත් මුල් බැඳෙන්නෙත්  තවම ඔය නුඹගේ අතින්  හය හතරවත් නොදැනෙනා  දරුවනගේ දරු පොඩිත්තන්  අතරමංකර දමා නුඹ ළඟ යන්ට යනවා මහ එවුන්  ඉන්ට නෑ  එක බිංදුවක්වත්  ඇලවෙලා ඇස් දෙක පියන්

හැංගි මුත්තං

හැංගි     මුත්තං  (මෙය මගේ නිර්මාණයක් නොවේ. මගේ මුණුපුරන්ගේ අතිරේක පොත් ගොන්නේ තිබී මට හමුවූ ඉංග්‍රීසි පොතක කතාවක්. කනගාටුයි. මට එහි නමවත් කතුවරයාවත් මතක නෑ. සිංහලට පරිවර්තනය කළේ මමයි.) https://hangimuththang.blogspot.com/2016/02/blog-post.html