අනේ අපි

ජීවිත ඔපලා පුබුදා ලන්නට
හිරු පායා සැඩ රැස් විහිදද්දී 
හිරුට සාප කරනා ඒ මනු සිත් 
උදේ දිවා රෑ වැහිම යදී.

ගේ දොර වනසා ජීවිත බිලිගෙන
වැහි දිය මුහුදට ගලා බසිද්දී
සාපය වැහි දෙසටම හරවාගෙන 
හිරු කිරණක් දෙස බලා හිඳී.  

ධන සම්පත් නැතිවී ගිය දාටයි   
තියෙනා දේවල අගය දැනෙන්නේ  
පුංචි පුංචි ලෙඩ හැදෙනාවිටදියි 
නිරෝගි සුවයේ තරම දැනෙන්නේ.

Comments

Popular posts from this blog

ගං ඉවුර සිට බලනු මැනවි

යසෝදරාවත

දිවුරන්නම්