දාහතර


දාහතර

පුංචි සන්දියේ මං
කෑගහල අඬනකොට
හරහාට වඩාගෙන
මගෙ පුංචි ලොඹු කටට
ඇගේ තන පුඩුව දී
මගේ හිත පිරෙන තුරු
මගේ බඩ පිරෙන තුරු
තනේ කිරි හිඳෙන තුරු
සතර බඹ විහරණේ
කිරිකරල මට පොවපු
මගෙ අම්ම නැවැත්තුව
මහරගම රෝහලේ
දාහතරෙ වාට්ටුවෙ.

කරපු නැති වරදකට
දඬුවමක් දීල වගෙ
කිරි දුන්න තන දෙකෙන්
එක තනක් කපන්නයි
කට්ටියම ලෑස්තිය.

(චන්ද්‍රවංශ මුවන්වැල්ල)

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි