ගායකයාණෙනි

ප්‍රතිභා ශක්ති ප්‍රභා විහිදා 
මන්ද්‍ර මධ්‍ය  හා තාර සප්තකේ සහවාසෙන් 
සංවාදී අනුවාදී ස්වර ඇසුරෙන් 
කර්ණ රසායන ධ්වනියෙන් 
උත්තර භාරත සංගීත රසේ උපදන්නේ 
ශ්‍රාවක රසභා පුබුදුකරන්නේ 
සංගීත වේදයේ පරිනිත වූ 
ගායකයාණෙනි 
ඔබ දෙවියකු වේ මේ මිනිසුන් අතරේ.

වේග රිද්ම බොල් ගොස මතුවෙද්දී 
විදුලි සරින් ගොර හඬ නැංවෙද්දී 
බොළඳ ලෙසින් තැන තැන ගැහෙනා 
මනුස් පිරිස් සංවර කරවා 
ගායකයාණෙනි 
ගයන්න ගැඹුරින් රාගධාරි ගීයක්.

පොලෝ තලේ මත එලූ කලාලෙක 
හීන් සැරේ - සංයමයෙන් හිඳ 
මිහිරි හඬින් මතුවෙන වෙන නද මත 
කරවා හඬ තුලනය නිසිසේ 
ගායකයාණෙනි 
ගයන්න යහමින් රාගධාරි ගීයක්.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි