හාමුදුරුවනේ

හාමුදුරුවනේ 
මතු ආත්මෙකදී බුදුවෙන්නද මේ 
පාරමී පුරන්නේ 
බුද්ධ ධම්ම ගුණ බලයෙන් 
දිවිය පුරා සසර පුරා සැරිසරණ තුරා 
නිරෝගී සුවය අත්වේවා!

වියත් බසින් ඇති මහා දහම් පොත් 
නිරතුරුවම සිහි නුවණින් කියවා 
බුදුන් දෙසූ ඒ නිමල දහම් කඳ 
සරල සුමට බස් වහරින් සරසා 
ගැඹුරු දම් අරුත් තේරුම්කර දෙවනා 
දහම් සිසිලසෙන් හදවත් සනසවනා.

සෝ සංතාපේ හේතු ඉවත ලා 
බුද්ධ භාවනා දින දින වඩවා 
සීල සමාධී ප්‍රඥා බලයෙන් 
කෙලෙස් මාරයන් හාමත් කරවා 
දහම් අමා රස ඉස්මතු කර දෙවනා 
හාස්කමක්මැයි ඒ අනුශාසනා.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි