Posts

Showing posts from March, 2021

සත්ව කරුණාව

  සත්ව කරුණාව   මේකට දෙන්න ඕනැ මාතෘකාව සත්ව වෛරය කියන එකයි . ඒත් ඒක මාතෘකාවකටවත් නොගැලපෙන එකක් . ඒ නිසා මාතෘකාව ' සත්ව කරුණාව ' කියලා තියාගෙන කියන්න ඕනැ ටික කියන්නම් . මම පුංචි කාලයේ මටත් අපේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ටවත් සත්ව කරුණාව කියලා දෙයක් තිබුණේ නෑ . ලොකු මිනිස්සුන්ට නම් තිබුණේම නෑ . ඉස්කෝලෙකින්වත් පන්සලෙන්වත් ගමෙන්වත් ගෙදරින්වත් කිසිකෙනෙක් සතුන්ට කරුණාව දක්වන්න අපට ඉගැන්නුවේ නෑ . ආදරය දක්වන්න ඉගැන්නුවේ නෑ . අපේ ගෙදර බල්ලො හැදුණා . පූසෝ හැදුණා . අපි කළේ එයාලට කන්න දුන්න එක විතරයි . එයාලා එක්ක කතා කරන්න , එයාලා කියන එක අහන්න , එයාලට ආදරේ දෙන්න , එයාලගෙ ආදරය ලබන්න අපි දැනගෙන හිටියෙම නෑ . ගමේ ගෙවල්වලත් තත්වය ඕකමයි . අපේ ගෙදර කුකුල්ලු ඇතිකළා . ඒ මුදල් හදිසියක් වුණොත් විකුණා ගන්න . ( එහෙම ඒවා හරියට වුණා . ලොකු පවුලක පුංචි අය නිතරම අසනීප වුණා . කන්න බොන්න ගිය ගිය වියදමත් සැර ඇති .) කිකිලියන්ගෙන් බිත්තර ලැබුණේ අපට   විකුණා ගන්න . විකුණන්න කුකුල්ලු නැතිවුනහම බිත්තර දමන කිකිළි