Posts

සැසඳීම

අරහෙන් මෙහෙන් කවි පද ගැට     ගහනකොට   මම කිවිඳියෙකු ලෙස සිතුවෙමි         හැබෑවට   මිල කළ නොහැකි කවි පෙළහර     දකිනකොට   හිරු දුටු කදෝ පැණියකු ලෙස හැඟුණි       මට  

ලේන් පැටියෙක්

  කුලී වැඩ කරන  ගමේ යහපත් නැන්දට   දැන් බබාලා හයදෙනෙක්. ඇස්වහක් කටවහක් නෑ  පැටව්  ටික වාමන රුප වගේ  අපූරුවට කොටට මහතට  කොළඹ   දොස්තර පොඩි අයියගෙ දොස්තර දුවට  අඩුමාසෙන් බබෙක්  ලේන් පැටියෙක් වගේ  හීනියි කෙටියි පුංචියි.

රණමල් එතනා

 ඉපලෝගම පොල් අතු ඉස්කෝලේ  අටේ පන්තියේ මාත් එක්ක හිටි  පුංචි කුමාරී  රණමල් එතනා ගමට ඇවිල්ලා.  විවිධ ප්‍රසන්ගෙට  කළගෙඩි සෙල්ලම නැටුව සන්දියේ  කලුම කලුයි උඹ. අදහන්නත් බෑ    අවුරුදු දෙකකට  කොහොමද ඔච්චර පාට උණේ?  විභාගෙ ප්‍රතිපල ආවට පස්සේ  ආයෙත් වගියක් පිටමං වෙනවද?  නෑදෑයෝ සනුහරේ බලන්නට  මේ ටික දොහේදි ගම ඇවිදිනවද?  මං අද අහගෙන  ඉන්ගිරීසියේ වචනත් දාලා  සුරුස් ගාල උඹ කතා කරනවා  මට හරි ආසයි  ආඩම්බරකම ඉහවහා ගියා. කඳුළු කැටයකුත් ඇහැට උනනවා.  

දරු පෙම

 බබුට බයේ දුවනා  ගල් අරඹේ සිටිනා  ඇතින්න ගැන කියනා  දරු නැලවිලි ගැයුණා  වරම් නැතත් පුදකරන්නට පිරිමියෙකුට හද  අනුන්ගෙ දරුවකු තනමින් සැනසෙනවද අද  නුඹට අහිමි දරු පෙම ගැන ගී ගයනා සන්දියේ  මව් සෙනෙහස පුදනු බැරිව කිරි එරුණද නංගියේ 

සත්ව කරුණාව

  සත්ව කරුණාව   මේකට දෙන්න ඕනැ මාතෘකාව සත්ව වෛරය කියන එකයි . ඒත් ඒක මාතෘකාවකටවත් නොගැලපෙන එකක් . ඒ නිසා මාතෘකාව ' සත්ව කරුණාව ' කියලා තියාගෙන කියන්න ඕනැ ටික කියන්නම් . මම පුංචි කාලයේ මටත් අපේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ටවත් සත්ව කරුණාව කියලා දෙයක් තිබුණේ නෑ . ලොකු මිනිස්සුන්ට නම් තිබුණේම නෑ . ඉස්කෝලෙකින්වත් පන්සලෙන්වත් ගමෙන්වත් ගෙදරින්වත් කිසිකෙනෙක් සතුන්ට කරුණාව දක්වන්න අපට ඉගැන්නුවේ නෑ . ආදරය දක්වන්න ඉගැන්නුවේ නෑ . අපේ ගෙදර බල්ලො හැදුණා . පූසෝ හැදුණා . අපි කළේ එයාලට කන්න දුන්න එක විතරයි . එයාලා එක්ක කතා කරන්න , එයාලා කියන එක අහන්න , එයාලට ආදරේ දෙන්න , එයාලගෙ ආදරය ලබන්න අපි දැනගෙන හිටියෙම නෑ . ගමේ ගෙවල්වලත් තත්වය ඕකමයි . අපේ ගෙදර කුකුල්ලු ඇතිකළා . ඒ මුදල් හදිසියක් වුණොත් විකුණා ගන්න . ( එහෙම ඒවා හරියට වුණා . ලොකු පවුලක පුංචි අය නිතරම අසනීප වුණා . කන්න බොන්න ගිය ගිය වියදමත් සැර ඇති .) කිකිලියන්ගෙන් බිත්තර ලැබුණේ අපට   විකුණා ගන්න . විකුණන්න කුකුල්ලු නැතිවුනහම බිත්තර දමන ...