සැසඳීම Get link Facebook X Pinterest Email Other Apps January 19, 2022 අරහෙන් මෙහෙන් කවි පද ගැට ගහනකොට මම කිවිඳියෙකු ලෙස සිතුවෙමි හැබෑවට මිල කළ නොහැකි කවි පෙළහර දකිනකොට හිරු දුටු කදෝ පැණියකු ලෙස හැඟුණි මට Get link Facebook X Pinterest Email Other Apps Comments
සත්ව කරුණාව March 21, 2021 සත්ව කරුණාව මේකට දෙන්න ඕනැ මාතෘකාව සත්ව වෛරය කියන එකයි . ඒත් ඒක මාතෘකාවකටවත් නොගැලපෙන එකක් . ඒ නිසා මාතෘකාව ' සත්ව කරුණාව ' කියලා තියාගෙන කියන්න ඕනැ ටික කියන්නම් . මම පුංචි කාලයේ මටත් අපේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ටවත් සත්ව කරුණාව කියලා දෙයක් තිබුණේ නෑ . ලොකු මිනිස්සුන්ට නම් තිබුණේම නෑ . ඉස්කෝලෙකින්වත් පන්සලෙන්වත් ගමෙන්වත් ගෙදරින්වත් කිසිකෙනෙක් සතුන්ට කරුණාව දක්වන්න අපට ඉගැන්නුවේ නෑ . ආදරය දක්වන්න ඉගැන්නුවේ නෑ . අපේ ගෙදර බල්ලො හැදුණා . පූසෝ හැදුණා . අපි කළේ එයාලට කන්න දුන්න එක විතරයි . එයාලා එක්ක කතා කරන්න , එයාලා කියන එක අහන්න , එයාලට ආදරේ දෙන්න , එයාලගෙ ආදරය ලබන්න අපි දැනගෙන හිටියෙම නෑ . ගමේ ගෙවල්වලත් තත්වය ඕකමයි . අපේ ගෙදර කුකුල්ලු ඇතිකළා . ඒ මුදල් හදිසියක් වුණොත් විකුණා ගන්න . ( එහෙම ඒවා හරියට වුණා . ලොකු පවුලක පුංචි අය නිතරම අසනීප වුණා . කන්න බොන්න ගිය ගිය වියදමත් සැර ඇති .) කිකිලියන්ගෙන් බිත්තර ලැබුණේ අපට විකුණා ගන්න . විකුණන්න කුකුල්ලු නැතිවුනහම බිත්තර දමන ... Read more
අනේ මොකටද තවත් වයස්ගත වෙන්නෙ මං February 09, 2022 හපන්නට අඹරන්ට තවත් නම් බැරි හැඩයි දත් තවම තිබෙනමුත් ඇඳි දෙකම රිදුම් දෙයි දත් ටිකත් ගැලවුනොත් ලොඹු කටක් ඉතිරි වෙයි කටේ දත් ටික නැතුව වයස්ගත වෙන්නෙ ඇයි කටට කිසි රහක් නෑ බත් කන්න බැරිවෙලා කෑම අඩු නිසාවෙන් ගතට පන නැතිවෙලා කටහඬත් සද්දෙ නෑ උගුරෙ සෙම හිරවෙලා ලෝකෙටත් වැඩක් නෑ මහලු වී ගුලිවෙලා ඉඳගන්නකොට පුටුවෙ ම්හ් කියා කියැවෙනව නැගිටගන්නට යද්දි දනිස්දෙක කකියනව සරීරේ බර ගන්න දණහිසට බැරිවෙනව වයස්ගත වී ඉන්නෙ ඇයිද හිත වදදෙනව අත් කකුල්වල ඇඟිලි නවනකොට රිදෙනවා පය ගසා ඇවිදිද්දි විලුඹ යට රිදෙනවා රිදෙන තැන් හොය හොයා මංම අත ගානවා උපන් දිනයක් තවත් ඕනැ නෑ හිතෙනවා සියලු දේ අතැරලා නිදහසේ මට යන්න කිසිදු වේදනාවක් මගෙ ගතට නොදැනෙන්න නිදා සිටිනා විටදි සුටුස් ගා පනයන්න මාරයෝ ඉක්මනින් මා වෙතට පැමිණෙන්න නිරෝගී සුවේ රස හිත හිතා සැනසෙන්න ලෙඩ රෝග හැදෙන්නට එපා බෑ විඳවන්න පරක්කුයි දැනටමත් මේ ලොවින් චුතවෙන්න මාරය... Read more
සොබා දම් නීතිය June 13, 2020 ගහේ ගෙඩි හැදෙන්නේ ඒ ගහට කන්න නොවේ ගඟේ ජලය එකතු වුණේ ගඟට බොන්න නොවේ මලේ සුවඳ ඒ මලටම විඳගන්නට නොවේ ඉරේ එළිය - ඉරට එළිය ඕනැ වෙලා නොවේ අන් කෙනෙකුට සෙත සලසන එකයි සොබා දම් නීතිය එයයි සොබා දම් නීතිය දිවිය හොඳයි අප සතුටින් සිටිනා විටදී ඒ දිවියම වඩා හොඳයි - අප හින්දා තවත් කෙනෙකු සතුටුවෙලා හිඳිනා විටදී රිදුම් දැනෙන්නේ තවමත් ජීවත්වෙන හින්දයි සතුටු වෙන්න ජීවිතයේ හැම පිටුවෙම පාට පාට හරිම ලස්සනයි. Read more
Comments
Post a Comment