රණමල් එතනා

 ඉපලෝගම පොල් අතු ඉස්කෝලේ 

අටේ පන්තියේ මාත් එක්ක හිටි 

පුංචි කුමාරී 

රණමල් එතනා ගමට ඇවිල්ලා. 


විවිධ ප්‍රසන්ගෙට කළගෙඩි සෙල්ලම නැටුව සන්දියේ 

කලුම කලුයි උඹ.

අදහන්නත් බෑ   

අවුරුදු දෙකකට 

කොහොමද ඔච්චර පාට උණේ? 


විභාගෙ ප්‍රතිපල ආවට පස්සේ 

ආයෙත් වගියක් පිටමං වෙනවද? 

නෑදෑයෝ සනුහරේ බලන්නට 

මේ ටික දොහේදි ගම ඇවිදිනවද? 


මං අද අහගෙන 

ඉන්ගිරීසියේ වචනත් දාලා 

සුරුස් ගාල උඹ කතා කරනවා 


මට හරි ආසයි 

ආඩම්බරකම ඉහවහා ගියා.


කඳුළු කැටයකුත් ඇහැට උනනවා.  

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි