කොරෝනා

නින්දෙන් ඇහැරී බලන්න
ලෝකය වෙනස් වෙලා
මැකාව වතිකානුව අනුරාපුර
මිනිසුන් නැති තැන් වෙලා 
නිහඬ නිසොල්මන් ඩිස්නියක් 
ශෘන්ගාරය නැති පැරිසියක්
බිමට වැටුණ නිව්යෝකයක් 
කිසිවෙක් නොතකන කිසිවෙක් නොබලන
චීන මහා ප්‍රාකාරයක්
ලෝකෙට ඉතිරිවෙලා 

මාපිය සොයුරන් මිතුරන්ගෙන්
දුරස්වීම ආදරය වෙලා 
වැළඳගැනීමත් මුහුණ සිඹීමත්
තහනම් චරියා රටා වෙලා 

ලෝකය යයි හෙමිහිට ගමනේ
සුන්දරකම නොනැසී
අහස පොලොව හා ජල දහරා 
ඇත  අප නැතුවත් රැකිලා
අපි  සන්වර මිනිසුන් විලසින් 
ලෝකය වෙත පා තබමූ 

Comments

Popular posts from this blog

ගං ඉවුර සිට බලනු මැනවි

යසෝදරාවත

දිවුරන්නම්