අයියයි මල්ලියි
ලෝකය ජයගන්නට යන ගමනේ
සොයුරෙකු වගේම මිතුරෙකු වී
අම්මයි අප්පච්චියි ගාවට
එක කුස උපන් -
අයියේ ඔබ විතරයි මට ඉන්නේ
අයියේ ඔබ විතරයි
ලොවක් පිරෙන්නට සෙනෙහස පුරවා
අසලින් ඉන්නට සෙවනැල්ලක් සේ
අම්මයි අප්පච්චියි ගාවට
එක කුස උපන් -
මල්ලියෙ ඔබ විතරයි මට ඉන්නේ
මල්ලියෙ ඔබ විතරයි
අහසේ හිරුවී ඔබ දිදුලද්දී - මම ඒ කිරණින් පන ගන්නම්
රෑට පිපෙන සුවන්දැති සුදු මල් ගෙන - ඔබේ ගමන් මග සරසන්නම්
අයියේ ඔබ මට
මගේ දෙවෙනි අප්පච්චි වගෙයි
ඔබගේ සවියට නිරතුරු කැපවී - නිබඳව සහයට ළඟ ඉන්නම්
දියුණුව පතමින් රැකවරණය දී - ඔබගේ යහපත සලසන්නම්
මල්ලියෙ ඔබ මට
මගේ දෙවෙනි අම්මා වාගෙයි
Comments
Post a Comment