හබුන් කටක්

අන්න පුතේ යාලුවෙක් ඇවිත් 
ඔයාට පේන්න බත් කනවා 
බත් ඇටයක් අත් දෙකින්ම අරගෙන
වටපිට බලබල- ටික ටික හප හප  
ඔයාට පේන්න බත් කනවා 

ටිං ටිං  ගාලා සිංදු කියනකොට 
පිම්බුණ වලිගය ගැස්සෙනවා 
එහාට මෙහාට පැන පැන  දුව දුව 
කිරි දත් පේන්න හිනැහෙනවා 

ගස් දිග ඉහලට පහලට දුවමින් 
මොනවද හොයන්නෙ කලබලයෙන් 
හිඳින්න පොඩ්ඩක් ඔයාට තනි නෑ 
යාලුවො  එයි දැන් හතර වටින් 

ඕන්න ලේනෝ ඔයාට පේන්න 
අපේ පුතත්  හපනෙක් වෙනවා 
එක දෙක තුන මං  ගනින්න ඉස්සර 
මගේ අතින් බත් කට කනවා 

Comments

Popular posts from this blog

ගං ඉවුර සිට බලනු මැනවි

දිවුරන්නම්

My Books