පිට්ටනිය හිස්වෙලා


ඉස්කෝල නිවාඩුව 
එනකල්ම බලාහිඳ 
හැමදාම - හැමදාම 
ඉර එලිය වැටෙද්දී 
පිට්ටනිය වෙත දුවපු 
විකට් කණු අටෝගෙන 
සොෆ්ට් බෝල් මැච් ගහපු 
ගල් ගඩොල් කැට තියල 
ගෝල් මායිම් හදල  
ෆුට් බෝල් මැච් ගහපු
යාලුවෝ එකෙක්වත් 
හොයාගන්නට නැත්තෙ 
රැකී රස්සාවලට 
ගිහිල්ලා විසිරිලා 
ඔක්කෝම නිසිකලට 
විවාපත් වෙලා ඇති 
උන් හෑම එකෙකුටම 
ළමයි  බිහිවෙලා ඇති.

දුවන්නට පනින්නට 
වැටෙන්නට පුරුදු නැති 
දනිස්සක සීරුමක් 
හෙම්බිරිස්සා උණක්  
විඳින්නට පුරුදු නැති 
කවම කවදාකවත් 
අව්වකට වැස්සකට 
නිරාවරණය නොවෙන 
රන් පාට සිරුරු ඇති 
ෆේස් බුක් කප්පිත්තො 
ඉන්ටනෙට් සූරයෝ 
තනි තනිව ගෙවල්වල 
සෙල්ලමේ නිරත ඇති  

අනේ වාසනාවන් 
නිරෝගී ළමයි ටික 

(චන්ද්‍රවංශ මුවන්වැල්ල)

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි