ඔබත් මමත්

ඔබත් මමත් 

අමාවකදා රැයකදී 
වළාකුළු නැති අහස තලයක් 
වාගෙමයි ඔබ ලස්සනයි
ඇත්තමයි හරි ලස්සනයි 
ඒ අහස යට මේ පොලොව මත 
ඉබාගාතේ තනිව සරනා 
කණමැදිරියකු නොවෙද මා 

සවස් යාමේ යමන් රාගෙන් 
ඇසෙන ගී රාවේ ඔබයි
වැසි දිනෙක දිය කඩක මතුවෙන 
කටොර වූ  මැඩි  හඬ මමයි 

අවාරයකදි මහා වනයෙන් 
එකතු කළ මී පැණි බිඳකි ඔබ 
ඒ වනේ ඇති තිති රසේ ඇති 
කදුරු පලයක් නොවෙද මා  

බිඟුන් සොයනා සුවඳ හමනා 
රෑට පිපෙනා මලක් වේ ඔබ 
බොර දියක කටු රොදක මතුවූ 
සුවඳ අහලක නැති මලකි මම 

*******************************************

වලක්වන්නට එපා මා සිත රැඳෙන්නේ  ඔබ සිත ලඟින් 
දුරස්වන්නද හදන්නේ නැති දුරක් පෙන්වන විලාසෙන් 

(චන්ද්‍රවංශ මුවන්වැල්ල )

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි