සොබා දම් නීතිය

ගහේ ගෙඩි හැදෙන්නේ ඒ ගහට කන්න නොවේ
ගඟේ ජලය එකතු වුණේ ගඟට බොන්න නොවේ
මලේ සුවඳ ඒ මලටම විඳගන්නට නොවේ
ඉරේ එළිය - ඉරට එළිය ඕනැ වෙලා නොවේ
අන් කෙනෙකුට සෙත සලසන එකයි සොබා දම් නීතිය
එයයි සොබා දම් නීතිය

දිවිය හොඳයි අප සතුටින් සිටිනා විටදී
ඒ දිවියම වඩා හොඳයි - අප හින්දා තවත් කෙනෙකු සතුටුවෙලා හිඳිනා විටදී

රිදුම් දැනෙන්නේ තවමත් ජීවත්වෙන හින්දයි
සතුටු වෙන්න ජීවිතයේ හැම පිටුවෙම පාට පාට හරිම ලස්සනයි.

Comments

Popular posts from this blog

එපා එපා එපා

හිනැහියන්