සොල්දාදු බිරිඳකගේ වැලපිල්ල


"පොලිස් නිලධාරියකුට මරණ දඬුවම පැනවෙයි" 
(බිඳුනවැව සිද්ධිය පිළිබඳව උක්ත පුවත දැකීමෙන් සසල වූ මා සිත 
සනහා ගැනීම පිණිස 01/02/2003 දින මාතින් ලියැවුණ කවි ටිකක්.)

වනේ සිව්පාවකුටවත් නෑ මගේ හිමිගෙන් වී         දොසා 
අනේ සරණක් වෙද  ඉතින් මට නිවන්නට    දරුවන්ගේ සා
ලෝක පාලක දෙවියනේ ඇයි කළේ දඬුවම්    මේ ලෙසා 
මගේ රන්කඳ ගෙන ගියේ අද මරන්නද ඔහු    හිස ගසා 

හිමියනේ මගෙ හිමියනේ 
කෙසේ කව්රුන් කුමක් කීවත් 
දනිමි මම ඔබෙ යහ ගුණේ  

ගමේ ගෙදරක බිරිඳ දරුවන් සිටීවිද යයි           හිතන්නත් 
ඔබෙන් ජාතක කිරි කැටිත්තගෙ ඉඳුල් කට     ගාවන්නවත්
සරන්නට නගරේ තැනින් තැන තුරුලු  කරගෙන   මා මදක් 
රට රකින්නට ගිය නිසාවෙන් නෑ තිබූයේ             කිසි ඉඩක්  

වසන්නෝ දහමේ නිරතවී රැකෙත්  දහමෙන්                සෑමදා 
විඳින්නෝ අකුසල් බලෙන් දුක් ගෙවති හැම       දින විඳ  විඳා 
රටත් ජාතිය රකින්නට යයි වරම් ලබමින්                ගිය එදා 
මටත් රහසින් කළෙද  වරදක් කියන් ගන්නට         හිත හදා 

"සඳ ලප ලෙසට කැටුවම ආවා නොවෙද
අත්හැර දමා යන්නට කීවේ          කවුද"  
(යසෝදරාවත)

(චන්ද්‍රවංශ මුවන්වැල්ල )

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි