පෙම් කතාව

ප්‍රේමය පමණක් සටහන් වී ඇති 
පෙම් කතාව මිස වෙන කිසිවක් නැති 
කාලයෙ  පිටු මත සෙනෙහස් අකුරින් 
සමන් පිච්ච මල් සුවඳින් ලියැවුණ 
මතක පොතේ එක පරිච්චේදයක් 
එකමත් එක කෙටි පරිච්චේදයක් 
මා සිත සසල කරයි.

හිරු සඳු අතරේ කොතැනක හිටියත් 
ඒ හැම තැනකම ඇගේ මුහුණ ඇති 
හැඟුම් හෙළි නොවෙන කිසිවිට නොහඬන 
වදන් පිට නොවී උගුරේ හිරවෙන 
කම්මුල් රතුවී නෙත් යුග නලියන 
මුහුණු  ළන් නොවන සිරුරු  නොගෑවෙන
මතක පොතේ එක පරිච්චේදයක් 
එකමත් එක කෙටි පරිච්චේදයක් 
මා සිත සසල කරයි.

ඒ සුලු කොටසට මං හරි ආසයි 
මං කවදත් ආසයි.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි