කදි!



කදි!

දමිලයකු වූ හෙයින් උපතින් 
නොතිබි අගයක් සිංහලුන් හට

පංච සීලේ අගය කෙරුවත් 
බුදුදහම වෙත ඇලුම් කෙරුවත් 
නොවිය  වටිනාකමක් ඔබගේ
බොදුවනට මේ රටේ සිටිනා

ගැඹුරු දැනුමක් සහිත වූයෙන් 
අපුල විය ඔබ මෝඩයන්හට
  
නොගැලුනෙන් ජඩ පාලනේ
පිළිකුලක් විය ධනවතුන්හට

ගරු කළෙන් අන් ජාතීන්ටත් 
ද්‍රෝහියකු විය ත්‍රස්තයන් හට 

උපදින්න නම්  එපා යළි මෙහි 
සුදුසු නැත්තෙය මෙරට ඔබහට.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි