ගිරා රජ සංදේශයක් ගෙන යාම ප්‍රතික්ෂේප කරයි.


ගිරා රජ සංදේශයක් ගෙන යාම ප්‍රතික්ෂේප කරයි.

ගසා වරලස කුසුම පටියන් 
වසා තන රණ හංස පැටියන් 
සරා අබරණ පැළඳි සොඳිනා
ලියන් නැත ගී සින්දු කියනා 

කොවුල් කුල්  පිරි සපුල් මල් සැදි 
නීල වන හිස තුරන් වීලා  
පසඟතුරු ගොස මැකී දෙරණත 
පවන් මග ඇත විසෙන් පිරිලා 

මතින් නා ලෙලවමින් මුගුරූ 
විකුම් තෙද රලු මාර සෙන් 
යුද වැදීගෙන දිවා රෑ කල් 
ගහ මරා ගනිමින් උනුන් 

කිර කුලේ රජ කෙනෙකු වුව මට 
සමාවනු මන සාමිනේ 
පසන් නැත ඒ ගමන් යන්නට 
පියාඹාලා අද දිනේ  

15/06/2005

( මෙහි වචන, පද සහ කවි බොහොමයක් ගෙන ඇත්තේ ගිරා සංදේශයෙනි. )

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි