Posts

පෙම් කරන්න ආසාවෙන් හිටියා

ප්‍රේමවන්තයකු හමුවුන දවසක  සීතල සඳ එළියේ එළිමහනේ  අත්වැල් බැඳගෙන පෙම් බස් දොඩමින්  ඇවිදින්නට ආසාවෙන් හිටියා යෙහෙළියන්ගෙ ඉරිසියාව අවුලා  පෙම් කරන්න ආසාවෙන් හිටියා  සඳ තරු බැබලුණ අහස තලය යට  නෙතු දල්වාගෙන බලා සිටියදී  අහසත් පොළවත් ගිනියම් කරගෙන  ඝන සුළං සමග  කලු වලා රැගෙන  අහසේ හෙන හඬ විදුලි එළි දිගේ  නන්නාඳුනනා යකු ආවා  නා කපනා වැහි වැටෙන ඇහිල්ලේ  කළුවර කුටියක මා හිරකරගෙන  යකුගේ ගොරහැඩි අත්  පා යුගලය  ඩා  බිඳු රූරන දුඟද හමන ගත  හිත නැති මා ගත ජය ගෙන එඩියෙන්  යක්ෂ ලෝකයට පලා ගියා. යෙහෙළියනේ  මගෙ  මුහුණ හොවන්නට  නුඹලගෙ උරහිස් පමණයි ඇත්තේ  පව් සෝදාගෙන හිනාවෙලා මට  ජීවත්වෙන්නට ඉඩ දීපල්ලා.

ගං ඉවුර සිට බලනු මැනවි

සබඳ  ගං ඉවුර සිට  බලනු මැනවි නොබියව නොපැකිලව  පළමුව මා දෙස  දෙවනුව ගඟ දෙස. පෙනේද මා  පාවෙන හැටි පීනන හැටි  ග්ලග් ග්ලග් ග්ලග්  ගිලෙන හැටි  කිමිදෙන හැටි  යලි මතුවෙන හැටි. පෙනේද දිය බුබුලු  පෙනෙන දුර මෑතින්  නොපෙනෙන දුර ඈතින්  එදත්  මතුවූ  අදත් මතුවෙන  මේ පුංචි දිය බුබුලු  ගං ඉවුර සිට අතක් පෙව්වත් පයක් එබුවත්  ගං කුස තුලට  ඇදගන්නා තරම් බියකරු මේ පුංචි දිය බුබුලු මා සමග ආවෝ  අතරමග ගිලෙද්දී  ගල්පරවල හැපෙද්දී  රුක් දෙබුක්වල හිරවෙද්දී  තවමත් මේ ගඟෙහි කෙළිමින්  මෙතරම් දුරක් තරණය කළ මා  ජගතෙකු නොවෙද  සැබැවින්ම 

සිඟිති දුවේ

මල් පෙති සේමා - සියුමැලි උවන ඔබේ  නිල්මිණි සේමා-  දිලිසෙන නයන යුගේ සුරඟන රඟනා - සුන්දර සිහින ලොවේ  රන්කිරි කට ගා- සරන්න සිඟිති දුවේ 

ලස්සණ හැන්දෑව

එකමත් එක දවසක් දා  ඔන්න අපේ ඉර මාමා  දවස තිස්සෙ වැඩ කරලා  මහන්සියක් දැනුණ  නිසා  මූණ ටිකක් හෝදගන්න  මූදට බැස්සා. මූදට පය ගහපු ගමන්  සීතල වැඩි යයි කියලා  උඩ පැනලා දඟලනකොට ඉර මාමගෙ  ඇඟේ තිබුණ  පාට දියවුණා. එකටවෙලා තිබුණ පාට  හතම දියවුණා.  මූද පුරා පාට පාට  පාට ජාති ඉහිරෙනකොට  ඉර මාමට පෙරවගන්න  අහස තලේ විසිර තිබුණු  සිහින් සිනිඳු වලා ටිකෙත්  පාට ගෑවුණා. පාට වලාකුළු අහසේ  හෙමින් හෙමින් පාවෙනකොට  ඉර මාමගෙ  ඉහට උඩින්  චිත්‍ර මතුවුණා. ඉර මාමයි මහ මුහුදයි  කහ රතු දම් වලාකුළුයි  කතාවෙලා කළා වගේ  අහස තලේ ඇඳුණු චිත්‍ර  හරිම ලස්සනයි. ලහි ලහියේ ගෙවල් බලා  පියඹා යන කුරුළු රෑන්  බලමින් සිටි පුංචි ළමයි  පාට වලාකුළු දැකලා  උඩ පැනලා කෑගහලා  සතුටක් වින්දා. උදේ පිපෙන මල් වාගේ  පුංචි ළමයි හිනැහෙනකොට  හිනැහි හිනැහි දඟලනකොට  ඉර මාමට හරි ආසයි  ඊට පස්සෙ හැමදාමත්  ළමයින් සතුටින් තියන්න  ඉර...

නොකෙරෙන දීගේ

වාන කැඩෙනකන් වැහැලා වෙල් යායම මූද වගෙයි  රෑණ ගිරව් ලේන පැටව් පේන දුරක නැති ගානයි  හීන දිගේවත් එනකල් දින ගැන්නා ගාන වැඩියි  ජානවලින් උරුම වෙච්ච නපුරුකමට හිත පෑරෙයි  මාන බලන් මං හිටියට වෙනකල් නොකෙරෙන දීගේ  පාන පෙමින් මුකුලිත නෑ මුකුළු සිනාවක් ඈගේ  පීන පීන ඉන්න වුණා තනියම පෙම් ලොව මාගේ  තාන  තනම් කවි ලියපං ගජමන් නෝනා වාගේ 

මෑණියන්

සම හැකිලිලා ගත වැහැරිලා  සහකරුත් පරලොව ගිහින් - යුග ජීවිතේ ඇත ගිලිහිලා ඒ වුණත් කම්පා නොවී  නොනැවතී වැඩ මත්තෙ නැහෙනා  අම්මෙ නුඹ මැසිමක් වගෙයි  කළුගලෙන්  යකඩෙන් තැනූ  නීතියේ අයිතිය බලන්   මහ ගෙදර ලැග සිටිනවුන්  ඉන්ට හැරියේ නෑ බිඳක්වත්  නිවී හැනහිල්ලේ ඉතින්  උන්ගෙ බත් මුල් බැඳෙන්නෙත්  තවම ඔය නුඹගේ අතින්  හය හතරවත් නොදැනෙනා  දරුවනගේ දරු පොඩිත්තන්  අතරමංකර දමා නුඹ ළඟ යන්ට යනවා මහ එවුන්  ඉන්ට නෑ  එක බිංදුවක්වත්  ඇලවෙලා ඇස් දෙක පියන්

හැංගි මුත්තං

හැංගි     මුත්තං  (මෙය මගේ නිර්මාණයක් නොවේ. මගේ මුණුපුරන්ගේ අතිරේක පොත් ගොන්නේ තිබී මට හමුවූ ඉංග්‍රීසි පොතක කතාවක්. කනගාටුයි. මට එහි නමවත් කතුවරයාවත් මතක නෑ. සිංහලට පරිවර්තනය කළේ මමයි.) https://hangimuththang.blogspot.com/2016/02/blog-post.html

පිංකම්

මළමිණිය වල දමා   ගෙදර ආවට පස්සෙ   ප්‍රියයන්ගෙ වෙන්වීම   දුකක් බව වටහගෙන   දුක බෙදා ගත්ත සේ   බත් බෙදාගෙන කන්ට   ඉදෙනවා මළ බතක් . අපේ චාරිත්රයක්   දානමය පිංකමක්   කොහොමටත් හොඳ වැඩක් .  හරියටම - හරියටම හත් දවස පිරෙනකොට   නෑයන්   නොනෑයන්ගෙ   සහ අසල්වැසියන්ගෙ   පොඩි පහේ එකතුවක් . තුන් මාසේ ගෙවෙනකොට   ( හරියටම දවසටම   නැතත් ඔහෙ   කමක් නෑ ) නෑ නොනෑ අසල්වැසි යහලු යෙහෙළියන් හා   තවත් එක පාටියක් .  අවුරුද්ද ගෙවෙද්දී   සති අන්තයක් බලල   පහසු දිනයක් බලල   අවුරුද්දෙ දානේ දා   අල්ලාප සල්ලාප   කෙළි කවට සිනා මුසු   විහිලු තහලුවෙන් පිරි   ලොකු රංග සබාවක් . හාමුදුරුවන් අතට   යවන කරදාසියේ   ලියා ඇති ඔහුගෙ නම ජීවිතේ තියෙද්දී   දරූ තනතුරු එහෙම . දානානිසංස හා   භුක්තානුමොදනා   වදාරද්දී තමයි   මතක්වෙන්නේ ටි...

පිට්ටනිය හිස්වෙලා

ඉස්කෝල නිවාඩුව  එනකල්ම බලාහිඳ  හැමදාම - හැමදාම  ඉර එලිය වැටෙද්දී  පිට්ටනිය වෙත දුවපු  විකට් කණු අටෝගෙන  සොෆ්ට් බෝල් මැච් ගහපු  ගල් ගඩොල් කැට තියල  ගෝල් මායිම් හදල   ෆුට් බෝල් මැච් ගහපු යාලුවෝ එකෙක්වත්  හොයාගන්නට නැත්තෙ  රැකී රස්සාවලට  ගිහිල්ලා විසිරිලා  ඔක්කෝම නිසිකලට  විවාපත් වෙලා ඇති  උන් හෑම එකෙකුටම  ළමයි  බිහිවෙලා ඇති. දුවන්නට පනින්නට  වැටෙන්නට පුරුදු නැති  දනිස්සක සීරුමක්  හෙම්බිරිස්සා උණක්   විඳින්නට පුරුදු නැති  කවම කවදාකවත්  අව්වකට වැස්සකට  නිරාවරණය නොවෙන  රන් පාට සිරුරු ඇති  ෆේස් බුක් කප්පිත්තො  ඉන්ටනෙට් සූරයෝ  තනි තනිව ගෙවල්වල  සෙල්ලමේ නිරත ඇති   අනේ වාසනාවන්  නිරෝගී ළමයි ටික  (චන්ද්‍රවංශ මුවන්වැල්ල)

හාමුදුරුවනේ

හාමුදුරුවනේ  මතු ආත්මෙකදී බුදුවෙන්නද මේ  පාරමී පුරන්නේ  බුද්ධ ධම්ම ගුණ බලයෙන්  දිවිය පුරා සසර පුරා සැරිසරණ තුරා  නිරෝගී සුවය අත්වේවා! වියත් බසින් ඇති මහා දහම් පොත්  නිරතුරුවම සිහි නුවණින් කියවා  බුදුන් දෙසූ ඒ නිමල දහම් කඳ  සරල සුමට බස් වහරින් සරසා  ගැඹුරු දම් අරුත් තේරුම්කර දෙවනා  දහම් සිසිලසෙන් හදවත් සනසවනා. සෝ සංතාපේ හේතු ඉවත ලා  බුද්ධ භාවනා දින දින වඩවා  සීල සමාධී ප්‍රඥා බලයෙන්  කෙලෙස් මාරයන් හාමත් කරවා  දහම් අමා රස ඉස්මතු කර දෙවනා  හාස්කමක්මැයි ඒ අනුශාසනා.