නොකෙරෙන දීගේ

වාන කැඩෙනකන් වැහැලා වෙල් යායම මූද වගෙයි 
රෑණ ගිරව් ලේන පැටව් පේන දුරක නැති ගානයි 
හීන දිගේවත් එනකල් දින ගැන්නා ගාන වැඩියි 
ජානවලින් උරුම වෙච්ච නපුරුකමට හිත පෑරෙයි 

මාන බලන් මං හිටියට වෙනකල් නොකෙරෙන දීගේ 
පාන පෙමින් මුකුලිත නෑ මුකුළු සිනාවක් ඈගේ 
පීන පීන ඉන්න වුණා තනියම පෙම් ලොව මාගේ 
තාන  තනම් කවි ලියපං ගජමන් නෝනා වාගේ 

Comments

Popular posts from this blog

ගං ඉවුර සිට බලනු මැනවි

දිවුරන්නම්

My Books