අවදානම


බෝ පත් සොලවන සිහින් සුළං රැළි
චණ්ඩ වෙවී  සුළි සුළං ලෙසින් අප රිදවාවී
නියං  කපාගෙන එන වැහි අතරින්
අහස තලේ ඇඳි  විදුලිය රේඛා
අප අබියසදී පුපුරාවී
ගංගා ඇල දොළ වේලි තෙමාගෙන
ලතාවකට යන ඒ දිය පාරම
වියරු වෙලා අප වනසාවී

සුව දසුනත් ඇස අනින සෙයකි කටු
මිහිරි හඬත් එයි යවුල් සෙයින්
නහර පිනන රස අහර ගෙනෙයි විස
ඉමිහිරි සුවඳත් වේ විස දුම්
සිරුර සතප්නා සුදු මුදු පහසත්
සිරුරම ගිනි අවුලයි රහසින්

අවදානම ඇත හතරවටින්.

I had written this poem (or whatever you call it) in an old notebook of mine. I found it when I was browsing through my old books. It was dated 12th June 2005.

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි