පිංකම්
මළමිණිය වල දමා ගෙදර ආවට පස්සෙ ප්‍රියයන්ගෙ වෙන්වීම දුකක් බව වටහගෙන දුක බෙදා ගත්ත සේ බත් බෙදාගෙන කන්ට ඉදෙනවා මළ බතක් . අපේ චාරිත්රයක් දානමය පිංකමක් කොහොමටත් හොඳ වැඩක් . හරියටම - හරියටම හත් දවස පිරෙනකොට නෑයන් නොනෑයන්ගෙ සහ අසල්වැසියන්ගෙ පොඩි පහේ එකතුවක් . තුන් මාසේ ගෙවෙනකොට ( හරියටම දවසටම නැතත් ඔහෙ කමක් නෑ ) නෑ නොනෑ අසල්වැසි යහලු යෙහෙළියන් හා තවත් එක පාටියක් . අවුරුද්ද ගෙවෙද්දී සති අන්තයක් බලල පහසු දිනයක් බලල අවුරුද්දෙ දානේ දා අල්ලාප සල්ලාප කෙළි කවට සිනා මුසු විහිලු තහලුවෙන් පිරි ලොකු රංග සබාවක් . හාමුදුරුවන් අතට යවන කරදාසියේ ලියා ඇති ඔහුගෙ නම ජීවිතේ තියෙද්දී දරූ තනතුරු එහෙම . දානානිසංස හා භුක්තානුමොදනා වදාරද්දී තමයි මතක්වෙන්නේ ටි...