නංගියේ

එක කුසේ ඉපදිලා මගේ නංගී  වුණත්
තවත් සොයුරන් කැලක අක්කණ්ඩියයි නුඹ
යොවුන් විය පෙම් හැඟුම්  
මටත් කලියෙන් ඇවිත්
නුඹෙ හිතට රිංගලා නුඹ අපෙන් වෙන් කළා

හිනා කට අයාගෙන මඩක්කුව අත දරන්
මල්ලිලාටයි මටයි 
ලුණු ඉහපු හීල්බත් පොල් අනා කැවූ ඔබ 
එක කුසේ ඉපදිලා මගේ නංගී වුණත්
තවත් සොයුරන් කැලක අක්කණ්ඩියයි නුඹ

ප්‍රෙමයේ මාළිගා සුන්වෙලා විඳවලා 
අයියණ්ඩියට කලින් 
නංගියෙක් මියැදෙන්න   
ලෝ දහම වියරු විය
යොවුන් විය පෙම් හැඟුම්  
මටත් කලියෙන් ඇවිත්
නුඹෙ හිතට රිංගලා නුඹ අපෙන් වෙන් කළා

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි