Posts

Showing posts from February, 2018

දිවුරන්නම්

මා පිය ඇසුරෙන් වෙන්වී ලඟදිම  ඔබේ බිරිඳ වී මා එනවා  ඔබේම දරුවන් හදමින් වඩමින්  සසර පුරා ළඟ දැවටෙනවා  එහෙම වුණත් ......... දොර උලුවස්සට අතක් තියාගෙන  බලාගත් අතක  ඔහේ බලාගෙන  ඉන්නව දැක්කොත් අනේ රත්තරන්  සැකයක් ඇතිකර ගන්න එපා  මා පිය ගුණ සුවඳින් මත්වීලා  දෙනෙත් දෙකම්මුල් තෙත් වේවී  මුර දෙවියන් මෙන් ලඟින්ම ඉඳගෙන  හැදූ වැඩූ හැටි සිහිවේවී. එහෙම වෙලාවක අනුකම්පාවෙන්  මගෙ  හිස අතගා අතැඟිලි මිරිකා  අඬගහන්න මට ඔබේ ලෝකයට සැනෙකින් එන වග දිවුරන්නම්.