ගං ඉවුර සිට බලනු මැනවි

සබඳ 
ගං ඉවුර සිට 
බලනු මැනවි නොබියව නොපැකිලව 
පළමුව මා දෙස 
දෙවනුව ගඟ දෙස.

පෙනේද මා 
පාවෙන හැටි පීනන හැටි 
ග්ලග් ග්ලග් ග්ලග් 
ගිලෙන හැටි 
කිමිදෙන හැටි 
යලි මතුවෙන හැටි.

පෙනේද දිය බුබුලු 
පෙනෙන දුර මෑතින් 
නොපෙනෙන දුර ඈතින් 

එදත්  මතුවූ 
අදත් මතුවෙන 
මේ පුංචි දිය බුබුලු 

ගං ඉවුර සිට
අතක් පෙව්වත්
පයක් එබුවත් 
ගං කුස තුලට 
ඇදගන්නා තරම් බියකරු
මේ පුංචි දිය බුබුලු

මා සමග ආවෝ 
අතරමග ගිලෙද්දී 
ගල්පරවල හැපෙද්දී 
රුක් දෙබුක්වල හිරවෙද්දී 
තවමත් මේ ගඟෙහි කෙළිමින් 
මෙතරම් දුරක් තරණය කළ මා 
ජගතෙකු නොවෙද 
සැබැවින්ම 

Comments

Popular posts from this blog

යසෝදරාවත

කොරෝනා