Posts

Showing posts from November, 2018

යසෝදරාවත

මට දැන් යසෝදරාවත කටපාඩම්ය.  අම්මා කකුල් දෙකේ තියා මල්ලී නිදි කරවන්නේ යසෝදරාවත කියවමිනි. ඉඳ හිට කවි දෙකක් අතර නිහැඬියාවක් ඇතිවන්නේ ඇයි දැයි වතාවක් දෙකක් මම හොරෙන් බලා හිඳ ඇත්තෙමි. මම දැන් ඒ ඇයි දැයි දනිමි. ඒ කඳුළු පිසීමටය. හොටු සීරීමටය. තාත්තා ගෙදරින් ගිය දවසේ සිට......... (ඉතිරි හරිය පසුවට කියන්නෙමි.)

ඇගේ සුවය පතා

ගිනි - කඳු විලසින් පුපුරා දවමින් ගත උණුවී සැලෙන වෙලේ වන පෙත් අතරේ දිය වැල් ඇසුරේ ඇති සිහිලස ඇය වෙත යේවා හිම - කුටි අතරේ හිරවුන  විලසින් සීතලයෙන් ගැහෙන වෙලේ ලා හිරු කිරණින් රත් වූ සුළඟින් එන උණුසුම ඇය වෙත යේවා ලොව සියලු සතුන් හට සෙත් පතනා පින් අනුමෝදන් වේවා    නෑසිය මිතුරන් මෙත් පිරි සිතුවිලි ඇගෙ මනසට යොමුවේවා හෙද හෙදියන්ගේ බැලුමන් සැලකුම් වැඩි වැඩියෙන් හිමිවේවා වෙද ඇදුරන්ගේ නැණ පිරි වෙදකම් තව තව බලවත් වේවා සිත පහන් වෙලා ගත රිදුම් නිවා මුව සිනහව නැංවේවා  අප පතන ලෙසින්  තුනුරුවන් බෙලෙන් ඉක්මන් සුව සැලසේවා (මුතු අසනීපව මහරගම පිළිකා රෝහලේ සිටියදී මා ලියූ කවි)