අයියයි මල්ලියි

ලෝකය ජයගන්නට යන ගමනේ 
සොයුරෙකු වගේම මිතුරෙකු වී  
අම්මයි අප්පච්චියි ගාවට   
එක කුස උපන් - 
අයියේ ඔබ විතරයි මට ඉන්නේ 
අයියේ ඔබ විතරයි 

ලොවක් පිරෙන්නට සෙනෙහස පුරවා 
අසලින් ඉන්නට සෙවනැල්ලක් සේ 
අම්මයි අප්පච්චියි ගාවට 
එක කුස උපන් -
මල්ලියෙ ඔබ විතරයි මට ඉන්නේ 
මල්ලියෙ ඔබ විතරයි 

අහසේ හිරුවී ඔබ දිදුලද්දී - මම කිරණින් පන ගන්නම් 
රෑට පිපෙන  සුවන්දැති සුදු මල් ගෙනඔබේ ගමන් මග සරසන්නම් 
අයියේ ඔබ මට 
මගේ දෙවෙනි අප්පච්චි වගෙයි 

ඔබගේ සවියට නිරතුරු කැපවී - නිබඳව සහයට ළඟ ඉන්නම් 
දියුණුව පතමින් රැකවරණය දී - ඔබගේ යහපත සලසන්නම් 
මල්ලියෙ ඔබ මට 
මගේ දෙවෙනි අම්මා වාගෙයි 

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි