1. ටෙලි නාට්‍යවල පෙම්වතුන් කෝච්චි පාරේ අත් බැඳගෙන ඇවිද යන හැටි කෙතරම් සුන්දර වුනත් - කොච්චි පාරේ හුදකලාව ඉඳගෙන සිටින තරුණයකුගේ හෝ තරුණියකගේ පින්තූරයක් කෙතරම් ලස්සන වුනත් - ඔබ නම් කිසි දිනක කෝච්චි පාරේ ඇවිදගෙන යන්න එපා. ඉඳගෙන ඉන්න එපා. එය ඔබේ ජීවිතයට අවදානමක්. 2. ගමේ හෝ රටේ හෝ වෙනත් තැනකදී හෝ සිදුවෙන වරදකට එරෙහිව, දූෂණයකට එරෙහිව, බලධාරීන්ට එරෙහිව, පාලකයන්ට එරෙහිව සටන් කිරීමේදී, උද්ඝෝෂණ කිරීමේදී, මාර්ග අවහිර කිරීමේදී තාර දා ලා හදපු - එහෙමත් නැත්නම් කාපට් කරලා හදපු - පාරවල් මැද ගිනිගොඩවල් ගහල දෙනෝ දාහක් පාවිච්චිකරන ඒ පාරවල් විනාශ කරන්න එපා. එය සමාජ විරෝධී ක්‍රියාවක්. දේශ ද්‍රෝහිකමක්. 3. මහා මාර්ගය මත, මහා මාර්ගයේ ඇති මං සලකුණු මත හෝ නාම පුවරු මත හෝ චිත්‍ර, බහුබූත රූප, ඡන්ද ලකුණු, මනාප අංක අඳින්න හෝ කඩදාසි අලවන්න හෝ එපා. එය සමාජ විරෝධීයි. 4. ඔබේ ම ඉඩමක හෝ ඔබේ ගමේ හෝ ගොවිපොලක හෝ බැම්මක් නැතිව අනාරක්ෂිතව ලිඳක් තිබේ නම් එය එසේ තිබීමට ඉඩ හරින්න එපා. මුදල් සම්මාදන් කරලා හරි, ...
Comments
Post a Comment