මගේ ගම


පාන්දරට කුකුළන් හඬලන සද්දේ 
හවසට වැවේ දියබුං ගහනා සද්දේ 
කවි ගී කියා හරකුන් දක්කන සද්දේ 
වෙනුවට ඇහෙන්නේ යන්තරවල සද්දේ 

තැන තැන අහස උස මන්දිර ඉදිවෙනවා 
හිරු සඳු තරු පවා දෑසට නොපෙනෙනවා 
ගහ කොළ දැවටි සුළඟක් ගත  නොගැටෙනවා 
නගරයෙ  ජීවිතය මගෙ හිත කළඹනවා 

නිල්  කඳු වළල්ලක් මායිම් නොවුනාට  
ගලන ගඟක් අහලකවත් නැතුවාට 
ගොඩ මඩ  දෙකම සරු පලබර නොවුනාට  
මගෙ  ගම හැරුණුකොට නිවනක් නොවේ මට

(චන්ද්‍රවංශ මුවන්වැල්ල)  

Comments

Popular posts from this blog

යසෝදරාවත

සැසඳීම

ගං ඉවුර සිට බලනු මැනවි