විසිරුණු කැදැල්ලක සිට

රත්තරන් මුදු ගැලවිලා 
රන් කෙන්ද අවතැන් වෙලා 
සිහින පිරවූ මාලිගා සුළි 
සුළඟකින් සුන් බුන් වෙලා 
කොහේදෝ ඈතක බලාගෙන 
සුසුම් පාකර හරින්නී ඈ 
මාත් සමගින් තනිවෙලා 
වසන්තය නැති යොවුන් ලෝකෙක 
ඉබාගාතේ ඇවිද යන මා 
ඇයත් සමගින් තනිවෙලා.

සිත පෙලයි ගත වෙවුලුවා රිදවයි 
රිද්මය බිඳී ජීවිත ඇදෙයි 
මොහොතකට නවතියි 
යළි ගැහෙයි 
තුරුණු හදකට නුහුරු හැඟුමන් 
බියකරුයි නපුරුයි.

හැම දිනකමත් හෑම විටකත් 
කැදැල්ලෙන් පිටවෙන්ට කලියෙන් 
මෑණියන්ගේ නළල් තලයේ 
ආදරේ පිරි හාදු රඳවනු 
මා බලා සිටියා  එදා 
ඔබේ ලෝකය මා කියා 
කියූ හැටි මතකයි සදා 
වෙනත් ලෝකෙක කිරුළු පැලඳුවෙ 
ඇයි  පියාණනි කිව හැකිද මට 
දියණියකගේ පියකු වූ බව 
කෙසේනම් අමතක කළෙද ඔබ.

Comments

Popular posts from this blog

යසෝදරාවත

කොරෝනා

ගං ඉවුර සිට බලනු මැනවි