මෑණියන්


සම හැකිලිලා ගත වැහැරිලා 
සහකරුත් පරලොව ගිහින් - යුග
ජීවිතේ ඇත ගිලිහිලා
ඒ වුණත් කම්පා නොවී 
නොනැවතී වැඩ මත්තෙ නැහෙනා 
අම්මෙ නුඹ මැසිමක් වගෙයි 
කළුගලෙන්  යකඩෙන් තැනූ 

නීතියේ අයිතිය බලන්  
මහ ගෙදර ලැග සිටිනවුන් 
ඉන්ට හැරියේ නෑ බිඳක්වත් 
නිවී හැනහිල්ලේ ඉතින් 
උන්ගෙ බත් මුල් බැඳෙන්නෙත් 
තවම ඔය නුඹගේ අතින් 

හය හතරවත් නොදැනෙනා 
දරුවනගේ දරු පොඩිත්තන් 
අතරමංකර දමා නුඹ ළඟ
යන්ට යනවා මහ එවුන් 
ඉන්ට නෑ  එක බිංදුවක්වත් 
ඇලවෙලා ඇස් දෙක පියන්

Comments

Popular posts from this blog

සැසඳීම

යසෝදරාවත

සත්ව කරුණාව