අනුකම්පන සහකම්පන
ඉරානේ මිනිසුනේ
මොකද උඹලට මේ වුණේ
අනේ දෙවිවරුනේ
සාපෙකින්වත් එවුනාද මේ හෙනේ
ධරණි මෑණියනේ
ඇයිද වියරූ වුණේ
කිමද හෙලවුණේ
උමතු ලෙසිනේ
අහිමි වීලා
මා පිය සෙනේ
නෑ පිරිස් යහලුවන් මියැදී
දරුවන්ද සමගින්නේ
පණ බිඳක්වත් තියේ නම්
කරුවලේ ඝන හීතලේ
දූවිලි කැරලි ගොන්නේ
නිදාගන්නින් හිස් බඩින්
හෙට
අවදිවෙන්නට පණපිටින්.
වැලපෙන සිතින් මතුවෙන
සිතුවිලි දිගේ
සයුරු යටින් කඳුලෙන්
වා රැල් දිගේ සුසුමෙන්
එවන්නම් මං යහමින්
හයිය හත්තිය.
නොමැරී සිටින්නට
තවත් එක
දවසක්වත්.
(ඉරානයේ භූමි කම්පාවකින් මිය ගිය ගණන 40000 දක්වා වැඩිවීමට ඉඩ ඇති බව අසා මා සිත සසල වුනා. තවමත් ජීවත් වෙමින් සිටි අයගේ සෝ දුක් නිවාලන්නට ශාරීරික වේදනා අවම කරගන්නට මගේ සිතුවිලි ධාරා ශක්තියක් වේවා යයි සිතමින් තමයි මෙය ලීවේ. මෙය මගේ අතින් ලියවී ඇත්තේ 28/12/2003.)

Comments
Post a Comment