හිනැහියන්
විභාගේ අසමත් වෙලා
කඳුලු කැට ඔය ලේන්සු පොඩියට බර වැඩියි
උඹට වුණ දේ මීට ඉස්සර
කිසිම කෙනෙකුට කිසිම දවසක
වෙලා නැත්නම් - විතරක්
හඬාපන්
වැලපියන් ලජ්ජාවෙයන්.
වැරදුනේ කොතැනද බලන්
වැරදුනේ කෙලෙසද සොයන්
අයෙත් සැරයක් එහෙම වෙන්නට
ඉඩක් නොතියා
දිරිය යොදවා හිත හදාගෙන
තවත් පාරක් ඉඳගනින්
නැගිටපන්.
සිරික්කියකින් හිනාවී
උඹේ පන්තියෙ යාලුවන්
රිදෙව්වත් පොඩි හිත තදින්
දොසක් නොකියා
සිහිය එළවා විඳ දරාගෙන
කිසිත් නූසේ ඉවසපන්
හිනැහියන්.
(චන්ද්‍රවංශ මුවන්වැල්ල )
Comments
Post a Comment