දැලි ගෑවෙයි මූණේ
වලව්ව අස්පස් කරලා
තුන් වේලට බත් උයලා
මැණිකෙගෙ කසාය හදලා
නාන්ඩ ඇල් දිය මරලා
කොච්චර කෙරුවත් ඉවරයකුත් නෑ මට
වලව්වෙ වැඩපල කරලා
ලොකු මැණිකේ ලෙඩ ගානේ හිටියත්
මැණිකෙට තියනව ඇස් හතරක්
කිටිකිටියේ හිසකේ පීරාගෙන
සීන් සිනිඳුවට රැවුලත් බාගෙන
අත්කොට කමිසය බාගෙට ඇඳගෙන
ලැම මස් පිඩු ඉදිරියට නෙරවගෙන
රන් දම්වැල පපු මැද පෙන්වාගෙන
පැතලි උදර පසුපසට යවාගෙන
උණ ගොබයක් සේ කොන්ද හදාගෙන
විලුඹ ගසා පා බිම තද කරමින
නිකට උස්සලා ඈත බලාගෙන
හැපෙන සුළං රැළි සුවඳ කරාගෙන
පොඩි නිලමේ බෑරක්ද වඩින්නේ
යනව හොඳයි අය ආපු වෙලාවක
අරම බලන්නට එපා මයෙ දිහා
නිලමෙල මැණිකෙල එහෙ මෙහෙ වෙනකොට
එන්ඩ එපා මං අවුස්සවන්නට
වලං හෝදලා මගේ අතේ දැලි
ගෑවෙයි පොඩි නිලමෙගෙ මූණේ
පොඩි නිලමෙගෙ විතරක්ම නෙවෙයි
ලොකු නිලමෙගෙ මූණෙත් ගෑවෙයි.
Comments
Post a Comment